16th May 2024 17:55:08 Hours
නවතමයෙන් පත්වූ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී, ධූරයේ රාජකාරි භාර ගැනීමෙන් පසු 2024 මැයි 13 මඩකලපු ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
සංචාරය අතරතුර එතුමන් කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියක් වන අල් අක්සා ග්‍රෑන්ඩ් ජුම්මා මස්ජිඩ් වෙත පැමිණීමෙන් අනතුරුව මුස්ලිම් ප්‍රජාව සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් ගැටලු සකච්ජා කළේය.
ඉන් අනතුරුව, ආඥාපතිතුමන්ව මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ජේ.ජේ. මුරලිදරන් මහත්මිය විසින් උණුසුම් අයුරින් පිලිගත් අතර, ආඥාපතිතුමන් එතුමිය සමඟ සිවිල්-හමුදා සම්බන්ධීකරණයේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කරගත්හ.
අනතුරුව, මඩකලපුවේ පිහිටි රදගුරු නිවසට ගොස් මඩකලපුව දේවස්ථානයේ රදගුරු ජෝසප් පොන්නයියා පියතුමා හමු වූ අතර, එහිදී ආඥාපතිතුමන්ගේ ඉදිරි කටයුතු සඳහා පියතුමන් විසින් ආශිර්වාද කලේය.
සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් ආඥාපතිතුමන් මඩකලපුවේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා හමුවිය. එහිදී ආඥාපතිතුමන් සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අතර ආරක්‍ෂාව පිළිබඳව යුද්ධ හමුදාව සහ පොලිසිය අතර සම්බන්ධතාවයේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කලහ.
මෙම සංචාරය සඳහා 243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.සී.එස්. කුමාරසිංහ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී විය