15th May 2024 14:26:15 Hours
යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂක ලෙස කර්නල් එම්.කේ.එස්.එස් ද සිල්වා 2024 මැයි මස 10 දින පනාගොඩ පිහිටි සිය කාර්යාලයේදී ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය
එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. එම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගි වූහ. එතුමන් නව තනතුරට පත්වූයේ බ්‍රිගේඩියර් පී.ආර්. සමරවීර ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විශ්‍රාම ලබාගැනීමෙන් පසුවය.
නව ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට පෙර කර්නල් එම්.කේ.එස්.එස් ද සිල්වා ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කළේය.