Header

Sri Lanka Army

Defender of the Nation

14th May 2024 22:10:32 Hours

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සංචාරයක

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍ර‍මිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 2024 මැයි මස 06 දින කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන්ව කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. සම්මන්ත්‍රණ ශාලාවේදී කමාන්ඩෝ රෙජිමේන්තුව පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීමකින් අනතුරුව, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ. කමාන්ඩෝ රෙජිමේන්තු පරිශ්‍රය තුළ අභිනවයෙන් ඉදිකරන ලද විහාරස්ථානය විවෘත කිරීම සහ එහි නවතමයෙන් ඉදිකරන ලද වලාකුළු ප්‍රාකාරයේ, බෝධි ප්‍රාකාරයේ සහ ධර්ම මණ්ඩපයේ සමරු ඵලකය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමා විසින් නිරාවරණය කරන ලදී.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් භට පිරිස් අමතමින් යුද්ධ හමුදා නායකත්වය යටතේ සදාචාරාත්මක, විනයගරුක සහ ධෛර්ය සම්පන්න පුද්ගලයන් බිහිකිරීමට අදාල හමුදාවේ කාර්යභාරය අවධාරණය කළේය.අනතුරුව එතුමන් බී කඳවුරු පරිශ්‍රයේ සංචාරයක නිරත විය.

අනතුරුව අමාත්‍යවරයා විසින් K9 කණ්ඩායම විසින් පවත්වනු ලැබූ යුධ සුනඛ සංදර්ශනයක් ද, කමාන්ඩෝ රෙජිමේන්තුවේ සාමාජිකයින් විසින් ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම්වල නිදර්ශනයක් සහ මීටර 100 සීමාවේ දී වෙඩි තැබීමේ දක්‍ෂතාවයන්ද එතුමන් විසින් නිරීක්ෂණය කරන ලදී.

නිලධාරී නිවස්නයේ පැවති දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වීමෙන් අනතුරුව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන් විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහනක් ද තැබීය. මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.