Header

Sri Lanka Army

Defender of the Nation

14th May 2024 21:57:02 Hours

පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී විසිරයාමේ උත්සවයක්

පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ශාරීරික අභ්‍යාස පුහුණු උපදේශක පාඨමාලාවල සහ මූලික පිහිනුම් පාඨමාලාවේ විසිරයාමේ උත්සවයක් 2024 මැයි මස 07 දින පැවති අතර එහිදී, 4 වන මට්ටමේ ජාතික වෘත්තීය සුදුසුකම් සපුරණ ලද 2024 පළමු කණ්ඩායම සඳහා සහතික ප්‍රධානය කිරීමක්ද සිදු කෙරිණී. විසිර යාමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී වූයේය. පහත සඳහන් නිලධාරීන් සහ සෙසු නිලයන් ඔවුන්ගේ පාඨමාලා අතරතුර සුවිශේෂී දක්‍ෂතා දැක්වූහ.

1. උසස් ශාරීරික අභ්‍යාස පුහුණු උපදේශක පාඨමාලාව (නිළධාරි) - අංක 17

 • දක්‍ෂතම ශිෂ්‍යයා - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ ලුතිනන් ඩී.එම්.එම්.එල්.කේ. බණ්ඩාර

 • සුවිශේෂී දරාගැනීමක් ඇති නිලධාරියා - විශේෂ බලකායේ ලුතිනන් ටී.පී. ඒකනායක

 • දක්‍ෂතම ජිම්නාස්ටික් ක්‍රීඩකයා - විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් ආර්.එම්.ඩී.යූ ප්‍රේමසිරි

 • ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ දෙවන ලුතිනන් ආර්.එම්.ඒ එරන්ද කැපී පෙනෙන ක්‍රීඩා දක්‍ෂතාවන් පෙන්නුම් කළේය.

2. උසස් ශාරීරික අභ්‍යාස පුහුණු උපදේශක පාඨමාලාව - අංක 47

 • දක්‍ෂතම ශිෂ්‍යයා සහ දක්ෂතම ජිම්නාස්ටික් සෙබළා - විශේෂ බළකායේ ලාන්ස් කෝප්‍රල් පී.ආර්.පී පෙරේරා

 • සුවිශේෂී දරාගැනීමක් ඇති සෙබළා - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රයිෆල් සෙබළ ආර්.එම්.එස්.එස්. විජේරත්න

 • දක්‍ෂතම පෙළ අණදෙන්නා - ශ්‍රී ලංකා සංඥා බලකායේ කෝප්‍රල් ඩී.එම්.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව් දිසානායක

 • විජයබාහු පාබල රෙජිමේන්තුවේ පාබල සෙබල අයි.එම්.පී.එන්. සෙනවිරත්න විසින් විශිෂ්ට ක්‍රීඩා දක්‍ෂතාවන් පෙන්නුම් කළේය

3. සහකාර ශාරීරික අභ්‍යාස පුහුණු උපදේශක පාඨමාලාව - අංක 131

 • දක්‍ෂතම ශිෂ්‍යයා - කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එච්.එම් ප්‍රේමකුමාර

 • දක්‍ෂතම ජිම්නාස්ටික් ක්‍රීඩකයා - ශ්‍රීලංකා පාබල හමුදාවේ පාබල සෙබල ආර්.ඒ.ඩී ජයසේන

 • සුවිශේෂී දරාගැනීමක් ඇති සෙබළා - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සාමාන්‍ය සෙබළ ආර්.එල් කුමාර්

 • කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ජේ.එල්.ආර් ජයලත් විසින් විශිෂ්ට ක්‍රීඩා දක්‍ෂතාවයක් පෙන්නුම් කළේය

 • හොඳම පෙළ අණදෙන්නා - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් එම්.එච්.එන් වීරරත්න

4. මූලික පිහිනුම් පාඨමාලා - අංක 167

 • දක්‍ෂතම පිහිනුම් ක්‍රීඩකයා සහ දක්‍ෂතම ශිෂ්‍යයා - කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් කේ.ඩී.එස්.ටී ජයසිංහ

 • හොඳම පෙළ අණදෙන්නා - විශේෂ බලකායේ කෝප්‍රල් එන්.කේ. මහේෂ් කුමාර

විසිර යාමේ උත්සවයේදී ව්‍යායාම සංදර්ශනයක්, පිරික්සුම් පහන් සංදර්ශනයක්, ජිම්නාස්ටික් සංදර්ශනයක් සහ අවිරහිත සටන් සංදර්ශනයක් පාඨමාලා උපදේශකයන් සහ සිසුන් විසින් ඉදිරිපත් කරන ලඳ අතර එය ප්‍රධාන ආරධිත අමුත්තා සහ එම අවස්ථාවට සහභාගී වූ අයවළුන්ගේ ඇඟයිමට ලක්විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම සඳහා ශාරීරික අභ්‍යාස පුහුණු උපදේශකවරුන්ගේ කාර්යභාරය සහ වගකීම පිළිබදව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් අවධාරනය කරණ ලදී.