Header

Sri Lanka Army

Defender of the Nation

14th May 2024 22:05:54 Hours

12 පාබල සේනාංකයේ මුලිකත්වයෙන් නව නිවසකට මුල්ගල තබයි

12 පාබල සේනාංකය මගපෙන්වීම යටතේ 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සීගේ සම්බන්ධීකරණයෙන් චමින්ද වෙලේගම මහතාගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත 2024 මැයි මස 10 දින මොනරාගල, මාලිගාවිල ප්‍රදේශයේ පදිංචි අසරණ පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තබන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, චමින්ද වෙලේගම මහතා ඇතුළු පවුලේ සාමාජිකයින්, සෙසු නිලයන් සහභාගීවිය. නව නිවසේ ඉදිකිරීම් කටයුතු 18 ගැමුණු හේවා බළකායේ භටපිරිස් සිදුකරනු ලබති.