14th May 2024 14:51:43 Hours
මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂක ජෙනරාල් සහ ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 මැයි මස 04 දින මුලතිව් ප්‍රදේශයේ ස්ථාපිත ඉංජිනේරු සේවා බලකා නිලධාරි අණදෙන භඨ පිරිස් සහ 15 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිළ සංචාරයක නිරත විය.
ප්‍රධාන දොරටුව අභියස දී බලකාධිපතිතුමන්වෙත ඉංජිනේරු සේවා බලකා නිලධාරි අණදෙන භඨ පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව, භටපිරිස් විසින් මුලතිව් ප්‍රදේශයේ සිදුකරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව මාණ්ඩලික නිලධාරින් විසින් බලකාධිපතිතුමන් දැනුවත් කළේය.
එම අවස්ථාව සනිටුහන් කරමින් බළකාධිපතිතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසුව එම පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී. එතුමන් විසින් භටපිරිස් අමතමින් යුද්ධ හමුදා සාමාජියන් ගේ විනය පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ අතර ඉන් අනතුරුව, සියලු නිල තේපැන් සංග්‍රයකට සහභාගි වූහ.
15 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට සපැමිණි බලකාධිපතිතුමන්වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරය පසුකරයාමේ ගෞරවාචාරය පුදකරමින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. 15 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස්.බී.ටී.පී. සිල්වා විසින් ඒකකයේ කාර්යභාරය, ඉදිකිරීමේ ව්‍යාපෘතිවල ප්‍රගතිය, භටපිරිස් සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධන ව්‍යාපෘති පිළිබඳව එතුමන් දැනුවත් කළේය.
බලකාධිපතිතුමන් සිය සංචාරය අවසන දී සමුහ ඡායාරූපයකට පෙනී සිටිමෙන් අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය. බලකාධිපතිතුමන් ඒකකයේ සියලු නිලයන් ඇමතීමෙන් අනතුරුව, සංචාරය සමාප්තියේ විශේෂ අමුත්තන්ගේ පොතෙහි සමරු සටහනක් ද තැබුවේය.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.