Header

Sri Lanka Army

Defender of the Nation

13th May 2024 19:32:37 Hours

මේජර් ජෙනරල් සී.ඒ. රාජපක්‍ෂ ආර්එස්පී 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

58 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් සී.ඒ. රාජපක්‍ෂ ආර්එස්පී එම සේනාංකයේ පැවති උත්සවයකදී 2024 මැයි මස 11 දින ආගමික වතාවත් මධ්‍යයේ 20 වන සේනාංකාධිපති ලෙස ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

58 පාබල සේනාංක පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් සී.ඒ. රාජපක්‍ෂ ආර්එස්පී නියෝජ්‍ය සේනාවිධායක සහ මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගණු ලැබීමෙන් පසුව 1 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය.

නව සේනාංකාධිපතිතුමන් මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී. අනතුරුව,සේනාංකාධිපතිතුමන් සියලු නිලධාරීන් සහ සෙසු නිලයන් අමතමින් තම ඉදිරි දැක්ම ඉදිරිපත් කළේය.

නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර නිලධාරීන් සමඟ සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටිමෙන් අනතුරුව, සේනාංකාධිපතිතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකටද සහභාගී වූයේය.

මෙම උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද සහභාගී වූහ.