13th May 2024 19:53:24 Hours
යුද්ධ හමුදා ගමන් පාලන අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂක ලෙස බ්‍රිගේඩියර් එස්.ඩබ්ලිව්.ආර් ප්‍රසන්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි කාර්යාලයේ දී පැවති චාම් උත්සවයකදී 2024 මැයි මස 09 දින නව ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. එම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගි වූහ.
මීට පෙර එම ධූරයේ හෙබවූ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස පත් කර ඇත.
නව ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට පෙර බ්‍රිගේඩියර් එස්.ඩබ්ලිව්.ආර් ප්‍රසන්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යුද්ධ හමුදා පාබල අධ්‍යක්‍ෂක මණ්ඩලයේ පාබල අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කළේය.