09th May 2024 05:35:01 Hours
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ මාතලේ ධර්මරාජ විහාරස්ථානයේදී 2024 මැයි 07 දින පැවති ජාතික වෙසක් උත්සවය - 2024 සඳහා වන මූලික සාකච්ඡාවට සහභාගී විය.
2024 මැයි 23 දින සිට 30 දින දක්වා පැවැත්වීමට නියමිත ජාතික වෙසක් උත්සවයේ ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය සැලසුම් පිළිබඳව අවධානය යොමු කරමින් පැවති මෙම රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. වෙසක් උත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා යුද්ධ හමුදාව විසින් සපයනු ලබන භඨකාර්ය සම්පාදන කටයුතු සහ ආරක්‍ෂක විධිවිධාන පිළිබඳවත් ප්‍රධාන වශයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම සාකච්ඡාවට මහා සංඝරත්නය, රාජ්‍ය නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වූහ.