09th May 2024 05:38:19 Hours
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, නුදුරේදී විවෘත කිරීමට නියමිත මහනුවර යුද්ධ හමුදා මූලික රෝහලේ වත්මන් කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා 2024 මැයි මස 07 දින නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.
රෝහල් පරිශ්‍රය වෙත සපැමිණි, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී සහ මහනුවර යුද්ධ හමුදා මූලික රෝහලේ අණදෙන නිලධාරීතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගත්හ.
අනතුරුව එතුමන් වෙත යුද්ධ හමුදා මූලික රෝහලේ කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර් පාලමකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් එම රෝහලේ වත්මන් පරිපාලන කටයුතු පිළිබඳව සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදුකරන ලදී.
එම සංචාරයේදී එතුමන් රෝහලේ වාට්ටු, ශල්‍ය ඒකක, දන්ත වෛද්‍ය පහසුකම්, මුළුතැන්ගෙය, සෙසු නිල නවාතැන් පහසුකම් හා කඳවුරු පරිශ්‍රය නිරීක්‍ෂණය කරනු ලැබීය.
මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.