Header

Sri Lanka Army

Defender of the Nation

05th May 2024 22:12:12 Hours

2024 ජාතික වෙසක් උත්සවය සංවිධානය කිරීම සඳහා වූ සාකච්ඡාවක් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මාතලේ දී

2024 ජාතික වෙසක් උත්සවය සංවිධානය කිරීම සඳහා වූ සාකච්ඡාවක් මාතලේ අනුරුද අරණ විහාරස්ථානයේදී මැයි මස 03 වන දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය. මැයි මස 23 සිට 30 දක්වා එම උත්සවය පැවැත්වීමට නියමිතව ඇති අතර, ඒ සඳහා යුද්ධ හමුදාවේ කාර්යභාරය ද සාකච්ඡා කරනු ලැබීය.

රාජ්‍ය වෙසක් උත්සවය, දිවයින පුරා අධ්‍යාත්මික හා සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කරමින් දේශීය සහ විදේශීය සංචාරකයින් ගේ ආකර්ෂණයට ලක්වෙයි.

වෙසක් උත්සවයේ ආධ්‍යාත්මිකභාවය රැකගනිමින් මෙම උත්සවය පැවැත්වීමේ වැදගත්කම යුද්ධ හමුදාධිපතිතුමන් සහ මහා සංඝරත්නය අතර සාකච්ඡාවට බදුන්වූ අතර, වෙසක් උත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය භඨකාර්ය සම්පාදන කටයුතු සහ ආරක්‍ෂක විධිවිධාන පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

වෙසක් උත්සවය සාර්ථකව පවත්වාගෙන යාමට යුද්ධ හමුදාව ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් කැපවී කටයුතු කරනු ලබන බවද මෙම සාකච්ඡාවේදී යුද්ධ හමුදාපතිතුමන් පැවසීය. මෙම සාකච්ඡාව සඳහා අනුරුද්ධ අරණ විහාරාධිපති පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමි සහ 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද සහභාගී වූහ.