Header

Sri Lanka Army

Defender of the Nation

03rd May 2024 13:00:16 Hours

ධූරයෙන් නික්ම යන දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායකතුමන්ට එම පුහුණු පාසලේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.කාරියවසම් වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය අප්‍රේල් මස 30 දින එම පුහුණු පාසල් පරිශ්‍රයේ දී පවත්වන ලදී.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි ධූරයෙන් නික්ම යන සේනාවිධායකතුමන් වෙත එම පුහුණු පාසලේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීය. අනතුරුව, එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී භාරදෙනු ලැබූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල් කාර්යය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

අනතුරුව, භටපිරිස් ඇමතූ එතුමන් වෙත එහිදී එම පුහුණු පාසලේ භටපිරිස් විසින් සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.