Header

Sri Lanka Army

Defender of the Nation

03rd May 2024 13:04:40 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, 232 පාබල බලසේනාවේ භටපිරිස් අමතයි

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වශයෙන් ධූරයේ රාජකාරි භාරගනු ලැබූ මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී අප්‍රේල් මස 29 දින 232 පාබල බලසේනාවේ නිල ක්‍ෂේත්‍ර චාරිකාවක නිරත විය. එතුමන් එම බලසේනාවේ බලසේනාධිපතිවරයෙකු වශයෙන් ද රාජකාරි සිදුකර ඇත.

232 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.පී.එස් ප්‍රසාද් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, එම බලසේනාවේ භටපිරිස්, එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය.

එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් 232 පාබල බලසේනාවේ කාර්යය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටි අතර, කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරන ලදී. පසුව, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර විසින් භට පිරිස් ඇමතීය. අනතුරුව, එම බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ මාණ්ඩලික නිලධාරීන් විසින් එතුමන් වෙත බලප්‍රදේශය පිළිබඳව දැනුවත් කිරීමක් ද සිදුකරනු ලැබීය.

කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එතුමන් අමුත්තන් සඳහා වු සමරු සටහන් පොතෙහි සටහනක්ද තැබීය.

මෙම අවස්ථාව සඳහා 23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගී වූහ.