Header

Sri Lanka Army

Defender of the Nation

03rd May 2024 12:59:44 Hours

ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී එක්වෙයි

ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2024 අප්‍රේල් මස 26 දින හැව්ලොක් පිටියේදී පැවති අතර, එම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.

උත්සව අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ගෞරවනීය ආරාධිත අමුත්තන් විද්‍යාලයීය විදුහල්පතිනි චන්දි සිරිවර්ධන මහත්මිය විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම උත්සවයේදී, මළල ක්‍රීඩා තුළින් සුවිශේෂී දක්‍ෂතා දැක්වූ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලීය ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් විය.

මෙම උත්සවයේදී, දේශනයක් පවත්වමින් මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී දරාගැනීමේ හැකියාව, අධිෂ්ඨානය සහ එකමුතුකම ඇතිකරගැනීම සඳහා ක්‍රීඩාව සතු හැකියාව පිළිබඳ අවධාරණය කරමින් එම ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්කරන ලදී. එම දේශනයේදී, අධ්‍යාපන කටයුතුවලට අමතරව ක්‍රීඩාවේ වැදගත්කම පිළිබඳ පෙන්වාදෙමින් ක්‍රීඩාවන් සඳහා ඉදිරිපත්වීමට ක්‍රීඩිකාවන් දිරිමත් කරනු ලැබීය.