03rd May 2024 13:06:14 Hours
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙතින් 2024 අප්‍රේල් මස 30 දින නිපුණතා සංවර්ධන පාඨමාලාවන් සාර්ථකව අවසන් කළ නිලධාරීන් 56 දෙනෙකු සහ සෙසුනිලයන් 87 දෙනෙකු වෙනුවෙන් සහතිකපත් පිරිනැමිණි. එහිදී, බෝම්බ සහ වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලාව - 1/2024 (නිලධාරී), බෝම්බ සහ වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලාව - 1/2024 (සෙසුනිල), රසායනික ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික ප්‍රතිචාර පාඨමාලාව 1/2024 (නිලධාරී), මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කළමනාකරණ පාඨමාලාව 1/2024 (නිලධාරි) සහ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ මූලික පාඨමාලා අංක - 44 (සෙසුනිල) යන පාඨමාලාවන් සාර්ථකව අවසන් කළ නිලධාරින් සහ සෙසුනිලයන් වෙත සහතිකපත් පිරිනැමිණි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී වූ අතර, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
පහත සඳහන් නිලධාරීන් සහ සෙසුනිලයන් අනුපිළිවෙලින් පාඨමාලාවන්හී ප්‍රථම ස්ථාන දිනාගත්හ:
බෝම්බ සහ වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලාව - 1/2024 (නිලධාරී) - කපිතන් එච්.ඒ.ආර්.එල්. හිදෙල්ආරච්චි
බෝම්බ සහ වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලාව - 1/2024 (සෙසුනිල) - ලාන්ස් කෝප්‍රල් ජේ.ඒ.අයි.එස්. ජයසේකර
රසායනික ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික ප්‍රතිචාර පාඨමාලාව 1/2024 (නිලධාරී) - කපිතන් එස්.එච්. රොද්‍රිගෝ
මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කළමනාකරණ පාඨමාලාව 1/2024 (නිලධාරි) - කපිතන් එස්.ඩී.පී.ඩී. ප්‍රේමරත්න
මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ මූලික පාඨමාලා අංක - 44 (සෙසුනිල) - ඉංජිනේරු සෙබල එස්.ඒ.පී. ලහිරු