Header

Sri Lanka Army

Defender of the Nation

03rd May 2024 13:04:41 Hours

යුද්ධ හමුදා විධායක ජෙනරාල්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිල සංචාරයක

යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 අප්‍රේල් මස 26 දින දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිල සංචාරයක නිරත වූයේය.

විද්‍යාපීඨ පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී එම විද්‍යාපීඨයේ සේනාවිධායක සහ නියෝජ්‍ය සේනාවිධායකතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක, නියෝජ්‍ය සේනාවිධායක, සියලුම අංශ ප්‍රධානීන් සහ මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එම විද්‍යාපීඨයේ පරිපාලන, අධ්‍යයන, පුහුණු කටයුතු සහ සුභසාධන පහසුකම් පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි.

ඉන් අනතුරුව, එම විද්‍යාපීඨයේ නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්වරුන් ආමන්ත්‍රණය කළ එතුමන් සිය අත්දැකීම් තුලින් ලද දැනුම භටපිරිස් වෙත ලබාදෙමින් ඔවුන්ගේ වත්මන් අභියෝගයන් සහ වගකීමෙන් රාජකාරි ඉටුකිරීමේ වැදගත්කම පිළිබඳ පැහැදිළි කළේය. සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදා විධායක අධිකාරිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.