02nd May 2024 18:26:51 Hours
සන්නද්ධ බුද්ධි බලකායේ නව බලකාධිපති ලෙස විශේෂ බලකායේ මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2024 අප්‍රේල් මස 11 දින සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
අනතුරුව, සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මූලස්ථාන සරඹ භූමියේදී භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල රෙජිමේන්තු සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.
පසුව, මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබූ අතර එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.
රාජකාරි භාරගැනීමෙන් අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කළ නව බලකාධිපතිතුමන් එතුමන්ගේ සේවා විෂය පථය සහ රාජකාරි ස්වභාවය පිළිබඳ පැහැදිළි කළේය. මෙම අවස්ථාව සඳහා සන්නද්ධ බුද්ධි බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.