30th April 2024 20:19:15 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2024 සඳහා වූ නිලධාරීන්ගේ පුහුණු දිනය 2024 අප්‍රේල් මස 25 දින සාර්ථකව පවත්වන ලදී.
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.කේ. පීරිස් ආර්එස්පී ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.
වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් සියලුම නිලධාරීන් වෙනුවෙන් ශාරීරික පුහුණු වැඩසටහනක් සහ කනිෂ්ඨ නිලධාරීන් සඳහා පා සරඹ සහ අසි සරඹ පුහුණු වැඩසටහනක් පැවැත්විණි. මෙම වැඩසටහනට සමගාමීව, මේජර් බී.එම්.ඒ.අයි.යූ. ඔබයසේන යූඑස්පී පීඑස්සී විසින් ‘ඩ්‍රෝන යුද්ධය’ පිළිබඳ දේශනයක් පැවැත්වූ අතර මෙම අවස්ථාවට සහභාගී වූ කථිකාචාර්ය ආචාර්ය කිලෝෂනි හෙන්දාවිතාරණ සතු දැනුම සහභාගිවූවන් සමඟින් බෙදාගන්නා ලදී.