30th April 2024 20:12:16 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ ප්‍රධානී මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ සංකල්පයකට අනුව 2024 අප්‍රේල් මස 27 දින බෝධිරාජාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී භාවනාමය වැඩසටහනක් පැවැත්වීය.
යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ සම්බන්ධීකරණ සහයෝගය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ ආධ්‍යාත්මික සුවතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
පූජ්‍ය රාජගිරියේ අරියඥාන හිමිපාණන් ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලා කිහිපනමකගේ වැඩමවීමෙන් පැවති මෙම භාවනාමය වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහ සමන්කා ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ 2000 කට අධික පිරිසක් සහභාගී වූහ.
මෙම භාවනාමය වැඩසටහන සඳහා 14 සහ 61 පාබල සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, බ්‍රිගේඩියර් පාලන සහ භඨකාර්ය සම්පාදන ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් වැසියන් රැසක් සහභාගී වූහ.