30th April 2024 19:45:59 Hours
කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි තර්ස්ටන් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ 2024 අප්‍රේල් මස 29 දින එම විද්‍යාල පරිශ්‍රයේදී උපහාරයෙන් පිදුම් ලැබීය.
විද්‍යාලීය ප්‍රධාන දොරටුව අභියසදී, විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා ඇතුළු ගුරු භවතුන් සහ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් විසින් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් විද්‍යාල පරිශ්‍රයේ පිහිටි බුදුමැදුර අසළදී ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූයේය. අනතුරුව විද්‍යාලයීය බටහිර තූර්ය වාදක කණ්ඩායම විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත සම්මාන මුරයක් පිරිනැමූහ.
අනතුරුව පාසල් ගීතය ගායනා කිරීමෙන් පසුව සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීය. විද්‍යාලයීය ආදි ශිෂ්‍යයකු වන අරුණ ශාන්ත මහතා විසින් පිළිගැනීමේ කතාව පැවැත්වූ අතර විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා උපහාර උළෙලේ අරමුණ පිළිබඳ විස්තර කරමින් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ එම විද්‍යාලයේ ගෞරවනීය තර්ස්ටන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වීමෙන් පාසලට ලැබුණු කීර්තිය පිළිබඳ පැහැදිළි කළේය.
ඉන් අනතුරුව, එම පාසල් ශිෂ්‍යයෙකු විසින් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදුකළේය.
මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ උත්සව සභාව ආමන්ත්‍රණය කරමින් ‘තමාසෝ මා ජ්‍යෝතිර්ගාමය’ (මා අඳුරෙන් ආලෝකයට ගෙන යන්න) ආදර්ශ පාඨය සමඟින් එම විද්‍යාලය හා සබැඳි අතීත මතකයන් පිළිබඳ ආවර්ජනය කරනු ලැබීය. තර්ස්ටන් විද්‍යාලයෙන් සිසුන් වෙත පුළුල් පරාසයක් ආවරණය කරමින් ලබාදෙන අධ්‍යාපනය වෙනුවෙන් සිය කෘතඥතාව පළකළ එතුමන් මව්බිමට සාමය උදාකරලීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ එම විද්‍යාලයෙන් බිහි වූ රණවිරුවන් සහ ඔවුන්ගේ සේවය හා කැපකිරීම් ඇගයීමට ලක්කළේය.
උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත සමරු තිළිණ ප්‍රදානය කිරීමෙන් අනතුරුව විද්‍යාලයීය ශිෂ්‍යභටයෙකු විසින් ස්තුති කථාව පැවැත්වීය. පසුව, මෙම අවස්ථාව සඳහා සහභාගී වූ සියලුම සම්භාවනීය අමුත්තන් සමූහ ඡායාරූපයක් සඳහා සහභාගී වූහ.
මෙම අවස්ථාව සඳහා සේවයේ නියුතුව සිටින සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා ආදි සිසුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, විශ්‍රාමික ගුරු භවතුන් සහ ආදි සිසුන් පිරිසක් ද සහභාගි වූහ.