Header

Sri Lanka Army

Defender of the Nation

29th April 2024 20:51:48 Hours

ධූරයෙන් නික්ම යන නියෝජ්‍ය සේනාවිධායකතුමන්ට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 අප්‍රේල් මස 24 දින එම බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි.

මූලස්ථාන ප්‍රධාන දොරටුව වෙත සපැමිණි මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ මාණ්ඩලික නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. පසුව, එතුමන් කපිතන් සාලිය අලදෙණිය ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකළේය.

පසුව, එම මූලස්ථාන සරඹ භූමියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරයන් ද පුදකළහ. එතුමන්ගේ කාර්යාලයේදී සංකේතාත්මකව ධූරයේ රාජකාරි භාරදීමෙන් අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සිය සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු භටපිරිස් වෙත සිය කෘතඥතාව පුදකළේය.

සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වී භටපිරිස් සමඟ සුහඳ අදහස් හුවමාරුවක නිරත වූ මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී ගේ සේවය ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරිණි.

එදින සන්ධ්‍යාවේ එතුමන් වෙත නිලධාරි නිවස්නයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි. මෙම උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.