29th April 2024 20:52:48 Hours
5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් කන්තලේ, තල්ගස්වැව ප්‍රදේශයේ පදිංචි නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා අප්‍රේල් මස 25 දින මුල්ගල තබන ලදී.
නව නිවසේ ඉදිකිරීම් කටයුතු 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත සන්තුෂ් වීරමන් මහතාගේ මූල්‍ය අනුග්‍රාහකත්වය යටතේ 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් සිදුකරනු ලබයි.
22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ නව නිවසේ මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට පරිත්‍යාගශීලී සන්තුෂ් වීරමන් සහ භාතිය ජයකොඩි යන මහත්වරුන්ද සහභාගී වූහ. යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ නිවාසලාභී පවුලේ සාමාජිකයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.