29th April 2024 20:55:14 Hours
යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, අප්‍රේල් මස 25 දින යුද්ධ හමුදා යුද විද්‍යාලයේ පරිපාලන සහ අධ්‍යයන කටයුතු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.
යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් එම විද්‍යාලයීය පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදා විධායක ජෙනරාල් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීය.
අනතුරුව, යුද්ධ හමුදා විධායක ජෙනරාල් වෙත සේනාවිධායකතුමන් විසින් එම විද්‍යාලය පිළිබඳව සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදුකරනු ලැබූ අතර, පසුව එතුමන් පිරිස අමතමින් මෙම විද්‍යාලය වෙත පැවරී ඇති හමුදාමය වගකීම නිසියාකාරව ඉටුකිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
එහිදී, යුද්ධ හමුදා විධායක ජෙනරාල්තුමන් යුද්ධ හමුදා යුද විද්‍යාල පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර, නිලධාරී නිවස්නයේ පැවති දිවාභෝජන සංග්‍රහයක් සඳහා ද එක්විය. අනතුරුව, සේනාවිධායකතුමන් විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර, එම විද්‍යාල පරිශ්‍රයෙන් නික්ම යාමට පෙර එතුමන් අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සටහනක්ද තැබීය.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා යුද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්ව සිටියහ.