29th April 2024 20:11:55 Hours
රණවිරු සම්පත් කේන්ද්‍රය වෙතින් පැවැත්වූ ජාත්‍යන්තරව පිළිගත් ජාතික වෘත්තීය සුදුසුකම් 4 වන මට්ටමේ විවිධ තාක්‍ෂණික පාඨමාලා හදාරනු ලැබූවන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය අද (අප්‍රේල් මස 29) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූහ.
උත්සව අවස්ථාව සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී සමඟින් රණවිරු සම්පත් කේන්ද්‍රයේ සේනාවිධායක බ්‍රිගේඩියර් පී.එන්. විජේසිරිවර්ධන ආර්එස්පී යූඑස්පී විසින් පිළිගනු ලැබූහ. උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් දිවංගත රණවිරුවන් අනුස්මරණය කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව රණවිරු සම්පත් කේන්ද්‍රයේ සේනාවිධායක විසින් පිළිගැනීමේ කථාව පැවැත්වීය.
අනතුරුව, හේකිත්ත ප්‍රදේශයේ ස්ථාපිත රණවිරු සම්පත් කේන්ද්‍රය වෙතින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, පොලිස් නිලධාරින් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වාගෙන යනු ලබන වඩුකාර්මික පාඨමාලාව, ඉලෙක්ට්‍රොනික් උපකරණ කාර්මික පාඨමාලාව, හිසකෙස් සහ රූපලාවන්‍ය පාඨමාලාව, ත්‍රිරෝදරථ සහ යතුරුපැදි අලුත්වැඩියා පාඨමාලාව, පරිගණක දෘඪාංග පාඨමාලාව, ඇලුමිනියම් පිරිසැකසුම් පාඨමාලාව, උද්‍යාන අලංකරණ තාක්‍ෂණ ශිල්පී පාඨමාලාව සහ පරිගණක යෙදවුම් සහයක පාඨමාලාව වැනි තාක්‍ෂණික පාඨමාලාවන් අළලා සැකසූ වාර්ථාමය වීඩියෝපටයක් ප්‍රදර්ශනය කෙරිණි.
සහතිකපත් ප්‍රධානෝත්සවයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ඊ.පී. වීරසිංහ (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී ඒටීඕ ගේ සුරතින් පාඨමාලා හැදෑරූවන් 167 දෙනෙක් නියෝජනය කරමින් තෝරාගත් සාමාජිකයන් 18 දෙනෙකු වෙත සංකේතාත්මකව සහතිකපත් පිරිනැමිණි.
උත්සවය අතරතුරදී, හිසකෙස් හා රූපලාවන්‍ය පාඨමාලාව හැදෑරූවන් විසින් මනාලියන් හැඩගැන්වීමේ ප්‍රදර්ශනයක් සහ ත්‍රිරෝදරථ සහ යතුරුපැදි අලුත්වැඩියා පාඨමාලාව හැදෑරූවන් විසින් යතුරුපැදියක් එකලස් කිරීමේ ප්‍රදර්ශනයක් ඉදිරිපත් කළහ. එමෙන්ම, සෞන්දර්යාත්මක අංගයන් කිහිපයකින් ද උත්සවය වර්ණවත් කෙරිණි.
උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින්, යුද්ධ හමුදාව සහ රණවිරු සම්පත් කේන්ද්‍රය අතර පවතින දිගුකාලීන සුහදත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්ව සිටියහ.