Header

Sri Lanka Army

Defender of the Nation

26th April 2024 14:48:16 Hours

අන්තර් බලඇණි රග්බි තරඟාවලිය - 2024, ශූරතාවය 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට

4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී අප්‍රේල් මස 22 දින සංවිධානය කරන ලද අන්තර් බලඇණි රග්බි තරඟාවලිය - 2024, හි ශූරතාවය හිමිකර ගැනීමට 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සමත් විය.

තරඟාවලියේ අනුශූරතාව 11 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව හිමිකර ගත් අතර, තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 2 වන ලුතිනන් අයි.ජී.අයි.කේ වීරසිංහ සම්මාන ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.

තරඟාවලිය නැරඹීම සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.