Header

Sri Lanka Army

Defender of the Nation

25th April 2024 17:50:44 Hours

විශ්‍රාම දිවියට පා තැබූ මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී වෙත ශ්‍රී ලංකා පාබල හමුදාවේ ගෞරවාචාරය

විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී වෙත යුද්ධ හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සඳුදා (අප්‍රේල් මස 22) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකරනු ලැබූ සේවය ඇගයීමට ලක්කරමින් කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනැමූහ. අනතුරුව, එතුමන් රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී මව්බිම වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් සිය පුෂ්පෝපහාරයන් පුදකරනු ලැබීය. පසුව භටපිරිස් ආමන්ත්‍රණය කළ මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී යුද්ධ හමුදා සේවා කාලය තුළ එතුමන් වෙත දැක්වූ සහයෝගය වෙනුවෙන් පාබල හමුදාවේ සියලු නිලයන් වෙත සිය කෘතවේදීත්වය පුදකළේය.

උත්සවය සමාප්තියේ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරී නිවස්නයේදී හමුදා සම්ප්‍රදායානුකූල රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි. මෙම උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.