Header

Sri Lanka Army

Defender of the Nation

25th April 2024 13:58:32 Hours

11 ගැමුණු හේවා බළඇණිය මුලිකත්වයෙන් බෝගස්වැව මහා විද්‍යාලයේ සිසුන් සඳහා සම්මන්ත්‍රණයක්

11 ගැමුණු හේවා බළඇණිය විසින් බෝගස්වැව ජාතික පාසලේ සිසුසිසුවියන් 85 දෙනෙකු සඳහා ගණිත සම්මන්ත්‍රණයක් එම පාසලේ ශ්‍රවණාගාරයේදී 2024 අප්‍රේල් මස 17 දින පවත්වන ලදී.

563 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වයි.එම්.එස්.සී.බී. ජයතිලක ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත 11 ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ ප්‍රමුඛ පෙළේ උපදේශකවරයෙකු වන දර්ශන හේවගේ මහතා විසින් මෙම සම්මන්ත්‍රණය පවත්වන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.