Header

Sri Lanka Army

Defender of the Nation

24th April 2024 17:34:41 Hours

211 පාබල බලසේනාව අවුරුදු උත්සවයක් සංවිධානය කරයි

211 පාබල බලසේනාව විසින් 2024 අප්‍රේල් මස 19 දින එම බලසේනා ක්‍රීඩා පිටියේදී අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කරන ලදී.

උත්සව කටයුතු ආරම්භ කරමින් 211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයි.එන් කඳනආරච්චි ආර්එස්පී සම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වූ අතර, යුද්ධ හමුදා භටපිරිස් සමඟින් ප්‍රදේශවාසීන් පිරිසක් ද මෙම අවුරුදු සැමරුම් උත්සවය සඳහා එක්ව සිටියහ.

මෙම අලුත් අවුරුදු සැමරුම් උත්සවය සඳහා බනිස් කෑම, කොට්ට පොර, රබන් වාදනය, අලියට ඇස තැබීම, කඹ ඇදීම, විකට ඇඳුම් තරඟය, අවුරුදු කුමරිය තේරීම සහ තවත් සාම්ප්‍රදායික හා විනෝදජනක ක්‍රීඩා රැසක් ඇතුළත් විය.

අවුරුදු උත්සවය සමාප්තියේදී, බලසේනාංකාධිපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව තරඟ ඉසව්වල ජයග්‍රාහකයින් වෙත ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කරන ලදී.

සම්ප්‍රදායික හා සංස්කෘතික අංග ඇතුළත් වූ මෙම අලුත් අවුරුදු සැමරුම් උත්සවය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගී වූහ.