Header

Sri Lanka Army

Defender of the Nation

24th April 2024 17:50:31 Hours

21 පාබල සේනාංකය වෙතින් සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් උත්සවයක්

21 පාබල සේනාංකය වෙතින් සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් 2024 අප්‍රේල් මස 21 දින කූඹිච්චන්කුලම වැව් පරිශ්‍රයේදී අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වූ අතර, එම උත්සවය සඳහා සේනාංකයේ නිලධාරීන්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගී වූහ.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී විසින් සම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වන ලදී.

මෙම අලුත් අවුරුදු සැමරුම් උත්සවය බනිස් කෑම, කොට්ට පොර, රබන් වාදනය, අලියට ඇස තැබීම, කඹ ඇඳීම, විකට ඇඳුම් තරඟය සහ අවුරුදු කුමරිය තේරීම ඇතුළු තවත් සාම්ප්‍රදායික හා විනෝදජනක ක්‍රීඩා රැසකින් සමන්විත විය.

උත්සවය සමාප්තියේ, සේනාංකාධිපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව ජයග්‍රාහකයින් වෙත ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කරනු ලැබූහ.

සම්ප්‍රදායික හා සංස්කෘතික අංග ඇතුලත් වූ මෙම අලුත් අවුරුදු සැමරුම් උත්සවය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, ඔවුන්ගේ භාර්යාවන් සහ දරු දැරියන් ද සහභාගී වූහ.