Header

Sri Lanka Army

Defender of the Nation

22nd April 2024 13:53:04 Hours

12 පාබල සේනාංකය ‘Hope for Life Lanka’ පදනම සමඟ ඒකාබද්ධව පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක් දියත් කරයි

12 පාබල සේනාංකය ‘Hope for Life Lanka’ පදනම සමඟ ඒකාබද්ධව මොණරාගල මුණසිංහ ප්‍රථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 30 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ, පාසල් නිලඇඳුම් සඳහා අවශ්‍ය මූල්‍යාධාර සහ සෙල්ලම් බඩු පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 අප්‍රේල් මස 06 දින ක්‍රියාත්මක කරන ලදී.

121 පාබල බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල් 30 ක දරුවන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් 15 දෙනෙකු වෙත රුපියල් ලක්‍ෂයකට අධික වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදුන් අතර එහිදී එක් ප්‍රතිලාභියෙකු වෙත රුපියල් 6500.00 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සලය බැගින් හිමිවිය. එහිදී, ‘Hope for Life Lanka’ පදනමේ අනුග්‍රාහකත්වය මත සියලුම ප්‍රතිලාභීන් වෙත ප්‍රණිත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සි.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජි සහභාගී වූ අතර ‘Hope for Life Lanka’ පදනමේ සභාපති ගාමිණී බරණගේ මහතා, 121 පාබල බලසේනාවේ බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.