Header

Sri Lanka Army

Defender of the Nation

18th April 2024 14:55:33 Hours

6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් අනුග්‍රාහක සහාය ඇතිව අසරණ පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙයි

6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් සම්බන්ධීකරනයෙන් උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි යූ. අනුරාධ කොතලාවල මහතාගේ අනුග්‍රාහකත්වයෙන් අඩු ආදායම් ලාභී කිතුළුතුව, මොරවැව ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකර දෙනු ලැබූ නව නිවස අප්‍රේල් මස 09 දින එම නිවාස ලාභීන් වෙත භාර දෙන ලදී.

නව නිවස ඉදිකිරීම සඳහා 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය හා තාක්‍ෂණික දැනුම ලබාදුන්හ.

නිවස භාරදීමේ උත්සව අවස්ථාවට සපැමිණි 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්පී විසින් නිවාස ලාභීන් වෙත නව නිවසේ යතුරු සංකේතාත්මකව පිරිනමණ ලදී.

උත්සව අවස්ථාවේදී යූ. අනුරාධ කොතලාවල මහතා විසින් ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන අඩු ආදායම් ලාභී පවුල් 25ක් වෙත වියළි ආහාර සලාක පාර්සල් ප්‍රදානය කරන ලදී. එම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.