Header

Sri Lanka Army

Defender of the Nation

18th April 2024 14:58:33 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් භටපිරිස් සඳහා දේශන මාලාවක් පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර විසින් පසුගිය බදාදා (අප්‍රේල් මස 17) දින ඉංජිනේරු සේවා රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශන ශාලාවේදී දේශන මාලාවක් පවත්වන ලදී.

දේශන සැසිය ලුතිනන් කර්නල් ටී.පී.ජී.කේ.පී අල්විස් ආර්ඩබ්ලිව්පී යූඑස්පී පීඑස්සී විසින් පවත්වන ලද අතර, එහිදී එතුමන් පුද්ගල සංවර්ධනය, රැකියාව හා පවුල් ජීවිතය සමබරතාවයෙන් පවත්වා ගැනීම සහ වෘත්තීය වගකීම් සමඟින් පවුල් ජීවිතය සාර්ථකව පවත්වාගෙන යාම ඇතුළු විවිධ හරවත් කරුණු පිළිබඳව අදහස් දක්වනු ලැබීය.

මෙම සැසිය සඳහා නිලධාරීන් 25 දෙනෙකු සහ සෙසු නිලයින් 180 දෙනෙකු සහභාගී වූහ.