17th April 2024 16:52:31 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත කෘෂිකාර්මික ක්ෂේත්‍රය පිළිබඳව නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ දැනුම වැඩි දියුණු කිරීම සඳහා හරිතාගාර ව්‍යාපෘතියක් පසුගිය සඳුදා (අප්‍රේල් 15) දින ආරම්භ කරන ලදී.
අයහපත් කාලගුණික තත්ත්වයන්හි බලපෑම් මඟහරවා ගැනීම සඳහා වියළි කලාපයේ හරිත නිවාස ඉදිකිරීමේ වැදගත්කම පිළිබඳව එහිදී ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර අවධාරණය කරන ලද අතර, මහවැලි බී කලාපයේ ප්‍රාදේශීය ව්‍යාපෘති කළමනාකරු සුගත් වීරසිංහ මහතාගේ සහයෝගය ඇතිව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.
මෙම අවස්ථාවට 23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.