Header

Sri Lanka Army

Defender of the Nation

08th April 2024 09:03:06 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක 3 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී 2024 අප්‍රේල් මස 04 දින කාවන්තිස්සපුර පිහිටි 3 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිල සංචාරයක නිරතවිය.

ඒකක මූලස්ථානය වෙත සපැමිණි නියෝජ්‍ය සේනාවිධායකතුමන් වෙත එම ඒකකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකළහ. 3 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් සී.ආර්. දිසානායක විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම ඒකකයේ කාර්යභාරයන් පිළිබඳව සවිස්තරාත්මකව එතුමන් දැනුවත් කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම ඒකකයේ කාර්ය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූප කිහිපයකට සහභාගී වූ එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ නියෝජ්‍ය සේනාවිධායකතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී විය.

මෙම සංචාරය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් සිදුකෙරුනු අතර නියෝජ්‍ය සේනාවිධායකතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.