Header

Sri Lanka Army

Defender of the Nation

08th April 2024 11:35:06 Hours

නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් නව නිවක් ඉදිකිරීමට මුල්ගල තබයි

ත්‍රිකුණාමල ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා 2024 අප්‍රේල් මස 04 දින මුල්ගල තැබිණි.

4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී.එම්.ඩබ්ලිව්.එම්.ආර්. දිසානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් පරිදි එම එකකයේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර, දානපතියකු වන රුචිර විතානගේ මහතාගේ මුල්‍යමය අනුග්‍රාහකත්වය මත නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහභාගී විය. මුල්ගල තැබීමේ උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ නිවාසලාභියාගේ පවුලේ සාමාජිකයන් ද එක්ව සිටියහ.