Header

Sri Lanka Army

Defender of the Nation

07th April 2024 13:54:46 Hours

යාපනය අර්ධද්වීපයේ සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් පූනරින්හිදී අවුරුදු උත්සවයක්

යාපනය අර්ධද්වීපයේ සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් 55 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් 2024 අප්‍රේල් මස 05 දින පුනරීන් ප්‍රදේශයේදී අලුත් අවුරුදු උත්සවයක් පැවැත්විණි. ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ගේ උපදෙස් හා 55 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මගපෙන්වීම මත පූනරින් පොලිස් ස්ථානය, පූනරින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ එක්ව 552 පාබල බලසේනාව වෙතින් මෙම උත්සවය සංවිධානය කරනු ලැබීය.

සාම්ප්‍රදායික අලුත් අවුරුදු ක්‍රීඩාවන්ට ප්‍රමුඛත්වය දෙමින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර උත්සව අවස්ථාව සඳහා සහභාගී වූ දමිළ සිවිල් වැසියන් උද්යෝගයෙන් යුතුව යුද්ධ හමුදා සාමාජිකයන් සමඟ එක්ව කටයුතු කරනු ලැබීය.

සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ පීඑස්සී සහභාගී විය. එමෙන්ම, 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී, 551, 552 සහ 553 පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, නිලධාරීන් සහ සෙසුනිලයන්, පුනරීන් ප්‍රාදේශීය ලේකම්, පූජ්‍ය ගරු නිලාන් පියතුමන් ඇතුළු සිවිල් වැසියන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

අලුත් අවුරුදු උත්සවය සමාප්තියේ,ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ප්‍රමුඛ තවත් ආරාධිතයන් කිහිපදෙනෙකු විසින් ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය කරනු ලැබූහ. උත්සව අවස්ථාව සඳහා සහභාගී වූවන්ට සංගීතමය ආශ්වාදය ලබාදීමේ අරමුණින් එදින මධ්‍යම රාත්‍රිය දක්වා සංගීතමය වැඩසටහනක් ද පැවැත්විණි.