Header

Sri Lanka Army

Defender of the Nation

05th April 2024 14:23:30 Hours

අන්තර් රෙජිමේන්තු පිහිනුම් සහ දිය පන්දු තරඟාවලිය - 2024, සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු පිහිනුම් සහ දිය පන්දු තරඟාවලිය - 2024, මාර්තු මස 29 දින සිට අප්‍රේල් මස 03 දින දක්වා යුද්ධ හමුදා ශාරීරික පුහුණු අභ්‍යාස පුහුණු පාසල් පිහිනුම් තටාකයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති සහ යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ආරාධනයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.

යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 14 ක් නියෝජනය කරමින් තරඟකරුවන් 259 දෙනෙකු ශූරතාවලියට සහභාගී වූ අතර, යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටු සභාපතිතුමන් නිලධාරීන් 08 දෙනෙකු සමඟින් මෙම තරගයට සහභාගි වීමද විශේෂත්වයකි.

තරගය නැරඹීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූ අතර, තරඟ කරුවන්ගේ සහ කණ්ඩායම් දක්‍ෂතා පහත සදහන් වේ.

දිය පන්දු තරඟාවලියේ ශූරතාවය (පිරිමි විවෘත) - ගජබා රෙජිමේන්තුව

දිය පන්දු තරඟාවලියේ අනු ශූරතාවය (පිරිමි විවෘත) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය

දිය පන්දු තරඟාවලියේ ශූරතාවය (නවක) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය

දිය පන්දු තරඟාවලියේ අනු ශූරතාවය (නවක) - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

පිහිනුම් තරඟාවලියේ ශූරතාවය (පිරිමි විවෘත) - ගජබා රෙජිමේන්තුව

පිහිනුම් තරඟාවලියේ අනු ශූරතාවය (පිරිමි විවෘත) - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය

පිහිනුම් තරඟාවලියේ ශූරතාවය (නවක) - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

පිහිනුම් තරඟාවලියේ අනු ශූරතාවය (නවක) - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය

පිහිනුම් තරඟාවලියේ ශූරතාවය (කාන්තා) - 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

පිහිනුම් තරඟාවලියේ අනු ශූරතාවය (කාන්තා) – 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

පිහිනුම් තරඟාවලියේ විවෘත අංශයේ දක්‍ෂතම ක්‍රීඩකයා - ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.එන්. රණතුංග ගජබා රෙජිමේන්තුව

පිහිනුම් තරඟාවලියේ විවෘත අංශයේ දක්‍ෂතම ක්‍රීඩිකාව - කාන්තා සංඥා සෙබල ඩී.ආර්. මයිල්ස් ශ්‍රී ලංකා සංඥා බලකාය

පිහිනුම් තරඟාවලියේ නවක අංශයේ දක්‍ෂතම ක්‍රීඩකයා - රෝහක සෙබල එස්.ඩී.ඩී.එල්. කුමාරසිංහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය