Header

Sri Lanka Army

Defender of the Nation

04th April 2024 14:54:09 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මූලිකත්වයෙන් අධ්‍යාපනික වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මූලිකත්වයෙන් 51 පාබල සේනාංක බලප්‍රදේශයේ පිහිටි CIMIC උද්‍යානයේදී 2024 අප්‍රේල් මස 02 දින යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. පහීරතන් සහ පහීරතන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපනික වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

යාපනය අර්ධද්වීපයේ ඉතිහාසය, අධ්‍යාපනයේ වැදගත්කම සහ ළමා සංවර්ධනයේ දෙමාපියන්ගේ භූමිකාව වැනි මාතෘකාවන් ඔස්සේ සෙල්වපුරම් සහ යෝගපුරම් ගම්මානවල වෙසෙන පුද්ගලයින් දැනුවත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත්විණි. මෙම වැඩසටහන තුළින් සහභාගීවූවන්ගේ අවබෝධය වැඩිදියුණු කරගැනීමේ හැකියාව ලැබිණි.

මෙම වැඩසටහනට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පිඑස්සී ගේ සුරතින් ආර්ථික අපහසුතා සහිත පවුලක අධ්‍යාපන කටයුතු සඳහා දක්‍ෂ දරුවෙකු වෙනුවෙන් පා පැදියක් පරිත්‍යාග කරන ලදී.

මෙම අධ්‍යාපනික වැඩසටහන සඳහා 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ගම්වාසීන් 400 කට ආසන්න පිරිසක් සහභාගී වූහ.