Header

Sri Lanka Army

Defender of the Nation

02nd April 2024 15:08:37 Hours

එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙකු විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂතුමන් හමුවෙයි

එක්සත් ජාතීන්ගේ නියෝජිත අසාර් සායිකාලි (Azar Saikaly) මහතා 2024 අප්‍රේල් මස 01 දින විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජී.එල්.එස්.ඩබ්ලිව්. ලියනගේ යූඑස්පී පීඑස්සී හමුවිය.

විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේදී පැවති මෙම හමුවේදී 2024 අප්‍රේල් මස 02 සහ 03 දෙදින තුළ පිටත්ව යෑමට නියමිතව තිබෙන 15 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ ඉදිරි කටයුුතු පිළිබඳ සාකච්ඡා කෙරිණි.

මෙම සුහඳ සාකච්ඡාවේදී, භටපිරිස් සාමසාධක රාජකාරි සඳහා යෙදවීමේ සහ දැනට රාජකාරියේ නියුතු භටපිරිස් ගෙන්වාගැනීමේ ක්‍රියාවලිය සුමටව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළහ. එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා භටපිරිස් යෙදවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙතින් ලබාදෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂතුමන් සිය කෘතඥතාව පුදකළ අතර ලෙබනනය තුළ සාමය සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ දායකත්වය පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාව සඳහා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ.