Header

Sri Lanka Army

Defender of the Nation

02nd April 2024 14:42:01 Hours

නවක නිලධාරින් ඉංජිනේරු සේවා බලකාය වෙත උණුසුම් අයුරින් පිළිගනී

පසුගිය දා අධිකාරියට පත් ඉංජිනේරු සේවා බලකායට අනියුක්ත නිලධාරින්, 2024 මාර්තු මස 26 දින පනාගොඩ පිහිටි ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමණාකරණ මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

යුද්ධ හමුදා දිවියේ ආරම්භය සනිටුහන් කරමින් ඉංජිනේරු සේවා බලකාය වෙත අනුයුක්ත කෙරුණු නිලධාරින් වෙත මෙම අවස්ථාවේදී එම බලකායේ ටයි පටි සහ කමිස අත අමුණන බොත්තම් (cufflinks) පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ඉංජිනේරු සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ.