Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2024 18:48:24 Hours

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී නිලධාරී නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කරයි

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී පසුගිය ඉරිදා (මාර්තු මස 30) දින හාවාඑළිය ප්‍රදේශයේ නුදුරේදී විවෘත කිරීමට නියමිත නිලධාරී නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතුවල වත්මන් ප්‍රගතිය නිරීක්‍ෂණය කිරීමේ අරමුණින් නිල සංචාරයක නිරත විය. ඉඩම්, දේපල හා භඨ නිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය මත 17 ඉංජිනේරු සේවා බලකාය විසින් එහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි.

සංචාරයේදී යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී විසින් ඉදිකිරීම් කටයුතු සඳහා සෘජුවම සම්බන්ධ වූ භටපිරිස් හමුවී ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා උපදෙස් ලබාදී ඔවුන් ඇගයීමට ලක්කළේය. එතුමන් වෙත 17 ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඊ.ඒ.ඩී.පී. එදිරිසිංහ එල්එස්සී සහ 6 ඉංජිනේරු බලකායේ දෙවන අණදෙන නිලධාරි විසින් තම කණ්ඩායම මුහුණ දෙන ප්‍රධාන අභියෝගයන් හා වත්මන් තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදුකරන ලදී.

මෙම සංචාරය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් එක්ව සිටියහ.