Header

Sri Lanka Army

Defender of the Nation

29th March 2024 19:20:07 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන් ඒකක සංචාරයක නිරතවෙයි

පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසී 2024 මාර්තු මස 22 සිට 24 දින දක්වා කාලය තුළ එම රෙජිමේන්තුව යටතේ ස්ථාපිත ඒකකයන්හි නිල සංචාරයක නිරතවිය.

ඒ අනුව, එතුමන් 3, 4, 6, 7, 10, 12, 15, 19 ශ්‍රී ලංකා පාබල හමුදාවන් සහ 9 (ස්වෙච්ඡා) හා 17 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව යන ඒකකයන්හි සංචාරය කරනු ලැබීය. ඒකක සංචාරයේ නිරත රෙජිමේන්තු අධිපතිතුමන් එම ඒකකයන්හි අණදෙන නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කරමින් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ විනය ඉහළ මට්ටමින් පවත්වාගැනීමේ වැදගත්කම, නීති විරෝධී ක්‍රියාවන්ගෙන් වැළකීම, මාර්ගගත සූදුවන්හි නිරතවීමෙන් වැළකීම සහ සමාජ මාධ්‍ය හැසිරවීම පිළිබඳ අවධාරණය කරනු ලැබීය.

මෙම සංචාරයට සමගාමීව, ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන්ගේ සුරතින් 7 ශ්‍රී ලංකා පාබල හමුදා පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ රෙජිමේන්තු සැරයන් මේජර් නිවස්නය විවෘත කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.