Header

Sri Lanka Army

Defender of the Nation

29th March 2024 10:50:19 Hours

‘Asian Paints Causeway - Fox Hill Supercross 2024’ අප්‍රියෙල් 21 දියතලාවේදී

‘ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමය’ සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය එක්ව සංවිධානය කරනු ලැබූ ‘Asian Paints Causeway - Fox Hill Supercross 2024’ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව 2024 මාර්තු මස 28 දින කොළඹ හිල්ටන් හෝටලයේ බ්ලූ හෝල් පරිශ්‍රයේදී පැවැත්විණි.

2024 අප්‍රේල් මස 21 දින පැවැත්වීමට නියමිත 28 වන ‘Fox Hill Supercross’ තරඟාවලිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දේශීය අනුග්‍රාහකයින්, ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

උත්සව සමයේ නිවාඩු ගතකරන පිරිසට උද්යෝගයක් ලබාදීමේ අරමුණින් වසර පහකට පසුව ‘Fox Hill Supercross 2024’ ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින අතර මෝටර් රථ ධාවකයින් සහ යතුරු පැදි ධාවකයින්ට ඉසව් 25 කදී සිය දක්‍ෂතා විදහා දැක්වීමට මෙමඟින් අවස්ථාව උදාවනු ඇත.

දියතලාවේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ යටිතල පහසුකම් සහ පුහුණු පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අරමුදල් රැස්කිරීමේ ව්‍යාපෘතියක් ලෙස මෙම තරඟාවලිය පවත්වනු ලබයි.

සංවිධායක කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනු ලබන මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පී එන්ඩීයූ පීඑස්සී මෙම මාධ්‍ය හමුවෙහි මුලසුන හෙබවූ අතර ‘Asian Paints Causeway Fox Hill Supercross’ හා සම්බන්ධ සියලුම දෙනා වෙත ඔවුන් දක්වන සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය ද මෙහිදී පුදකළේය.

අභියෝගාත්මක ආර්ථිකමය පරිසරය මධ්‍යයේ ප්‍රධාන අනුග්‍රාහක සහ අනෙකුත් අනුග්‍රාහකයන්ගේ නොමසුරු සහයෝගය ඇතුළු නන් අයුරින් දායකත්වය දැක්වූවන් ද සිහිපත් කෙරිණි.

වැඩසටහන සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම අධීක්‍ෂණය කිරීමේදී ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ නිලධාරීන්ගේ උත්සාහයන් සහ එහි ප්‍රචාරණ කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ සභාපතිතුමන්, Causeway Paints Lanka පුද්ගලික සමාගම, සීමාසහිත Ceylon Agro Industries සමාගම, McLarens Lubricants සමාගම, Finnland Holding, Browns Group Exide, Rhino Roofing Products සමාගම, Douglas & Sons පුද්ගලික සමාගම, කොළඹ හිල්ටන් හෝටලය සහ තවත් අනුග්‍රාහක ආයතනයන්වල නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.