Header

Sri Lanka Army

Defender of the Nation

28th March 2024 16:30:35 Hours

යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ නිලධාරින් පිරිසක් යාපනය යුද්ධ හමුදා ගොවිපළේ සංචාරයක

යාපනය යුද්ධ හමුදා ගොවිපළේ වගා කටයුතු නඟාසිටුවීමේ අරමුණින් යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ කෘෂිකර්ම ජීවවිද්‍යා අංශයේ මහාචාර්ය කේ. පහීරේදන් මහතා සහ ආචාර්ය ජේ. අරසකේසරි මහතා 2024 මාර්තු මස 26 දින යාපනය යුද්ධ හමුදා ගොවිපළේ සංචාරයක නිරතවිය.

ගොවිපළ පරිශ්‍රය වෙත සපැමිණි දූත පිරිස ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. පසුව, ඔවුන් භෝග වගාවන් පිළිබඳ සොයාබැලීමේ අරමුණින් එම ගොවිපළ පරිශ්‍රයේ සංචාරයක නිරතවිය. සංචාරයේ නිරත පිරිස ගොවීන් සමඟ සාකච්ඡා කරමින්, ගැටලුකාරී තත්ත්වයන් හඳුනාගනිමින්, බෝග ප්‍රවර්ධනය වැඩිදියුණු කිරීමට සහ වඩා හොඳ අස්වැන්නක් ලබාගැනීම සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම ලබාදුන්හ.

ඉන් අනතුරුව, සංචාරයේ නිරත දූත පිරිස ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය පරිශ්‍රයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී හමුවූහ. යාපනය යුද්ධ හමුදා ගොවිපළේ පමණක් නොව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය පරිශ්‍රයේ පිහිටි හරිතාගාරයේ ද වගා පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ.