Header

Sri Lanka Army

Defender of the Nation

27th March 2024 18:52:33 Hours

විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සිංහ රේජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එල්.ජී.ජේ.එන්. ආරියතිලක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ බ්‍රිගේඩියර් වයි.ජී.පී.එන් ජයරත්න ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සඳුදා (මාර්තු මස 25) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ හා ආචාර පෙළපාලියේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. අනතුරුව, රට වෙනුවෙන් දිවිපිදූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දශක තුනකට අධික කාලයක් රාජකාරි කිරීමෙන් අනතුරුව නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා වෙත විශේෂ සමරු තිළිණ ප්‍රදානය කිරීමක්ද සිදුකරන ලදී.

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වීමෙන් අනතුරුව එම උත්සව අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනීසිටියහ. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්ව සිටියහ.