Header

Sri Lanka Army

Defender of the Nation

26th March 2024 14:39:03 Hours

23 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් මුල්‍ය කළමනාකරණ පිළිබඳ දේශනයක්

23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත භටපිරිස්හි මූල්‍ය කළමණාකරනය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් දේශනයක් පසුගිය බදාදා (මාර්තු මස 20) දින 23 පාබල සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා පුහුණු හා සංවර්ධන ජාත්‍යන්තර පුහුණු සම්මේලනයේ කීර්තිමත් පුහුණුකරුවෙකු සහ ජාත්‍යන්තර පුහුණු කිරීමේ සම්මේලනයේ සාමාජිකයෙකු වන ජූඩ් ෆොන්සේකා මහතා විසින් විචක්ෂණශීලී මූල්‍ය පිරිවැය සැබැදිව භඨපිරිස් දැනුවත් කිරීමේ අරමුණින් මෙම දේශනය පවත්වන ලදි.

23 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම වැඩසටහනට සහභාගී වූහ.