Header

Sri Lanka Army

Defender of the Nation

18th March 2024 16:15:15 Hours

තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය 14 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

අධ්‍යක්‍ෂ තොරතුරු තාක්‍ෂණ බ්‍රිගේඩියර් එච්.ඩී.ජේ.පී වීරතුංග ගේ උපදෙස් මත යුද්ධ හමුදා මූලස්ථානයේ ස්ථාපිත තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය 14 වන සංවත්සරය පසුගිය සිකුරාදා (මාර්තු මස 01) දින උත්සවාකාරයෙන් සමරනු ලැබීය.

උත්සවයේ කටයුතු ආරම්භ කරමින් තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ කාර්යය මණ්ඩලය සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටි අතර, අනතුරුව, අධ්‍යක්‍ෂ තොරතුරු තාක්‍ෂණ සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා එක් වෙමින් එම කාර්යය මණ්ඩලය සමඟින් සුහදව අදහස් හුවමාරු කර ගත්හ.

උත්සව අවස්ථාවේදී ජාල මෙහෙයුම් මධ්‍යස්ථානය, පද්ධති විසඳුම් අංශය, වෙබ් අංශය සහ මෘදුකාංග ප්‍රවර්ධන අංශයන්හි කැපවීමෙන් යුතුව රාජකාරි සිදුකරනු ලබන කාර්යය මණ්ඩලයේ සේවය ඇගයීම වෙනුවෙන් සහතිකපත් ප්‍රදානය කරන ලද අතර, අනතුරු එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ රාජකාරි කරනු ලබන සිවිල් සේවක මහතුන්ගේ සේවය ඇගයීමට ලක්කරමින් ත්‍යාග පිරිනමන ලදී.

රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට පිං අනුමෝදනා කරමින් බෝධි පූජා පිංකමක් පැවැත්විණි. අනතුරුව ඉකුත් සෙනසුරාදා (මාර්තු මස 09) දින කුකුළේගඟ ‘Laya Leisure’ හිදී එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් සුහද ක්‍රිකට් තරඟයක් පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ.