Header

Sri Lanka Army

Defender of the Nation

17th March 2024 15:41:19 Hours

19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් සඳහා ගිනි නිවීමේ පුහුණුවක්

හදිසි අවස්ථා සඳහා සූදානම් වීම අරමුණු කරගනිමින් 19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්, 2024 මාර්තු මස 15 දින කොටගල ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත පරිශ්‍රයේදී ගිනි නිවීමේ පුහුණු වැඩසටහනක් සදහා සම්බන්ධ විය.

මෙම පුහුණු වැඩසටහන, ගිනි නිවන යන්ත්‍ර වර්ග, ගිනි ඇතිවීමට හේතු, ගිනි පාලන උපක්ක්‍රම වැනි න්‍යායාත්මක කරුණු පිළිබද මෙන්ම ගිනි නිවිමේ ප්‍රායෝගික නිදර්ශණයන්ගෙන් සහ ප්‍රායෝගික පුහුණුවකින් ද සමන්විත විය.

කොටගල ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ ප්‍රදාන අධිකාරී තුමියගේ ආරාධනයෙන් 112 පාබල බලසේනාවේ අධීක්‍ෂණය යටතේ 19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරියෙකු සහ සෙසු නිලයන් 20 දෙනෙකු මෙම පුහුණු වැඩසටහන සඳහා සහභාගී විය.