12th March 2024 17:01:04 Hours
කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් අභිනවයෙන් ඉදිකරනු ලැබූ වායු රයිෆල් වෙඩිපිටිය සහ ටෙනිස් පිටිය 2024 පෙබරවාරි මස 29 දින විවෘත කෙරිණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සහභාගි වූ අතර, එතුමන්ගේ සුරතින් නව කායවර්ධන ශාලාව, නවීකරණය කරන ලද ජකුසි වාෂ්ප ස්නානාගාරය (Jacuzzi, sonar bath and steam bath) මෙහිදී විවෘත කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.