Header

Sri Lanka Army

Defender of the Nation

12th March 2024 17:02:47 Hours

14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපතිතුමන් හමුවෙයි

14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම 2024 මාර්තු මස 07 දින ‘බේරූට්’ (Beirut) හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති කපිල සුසන්ත ජයවීර මහතා හමුවිය.

තානාපතිතුමන් විසින් 14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරී කර්නල් ඩී.පී.එල්.ටී. කළුඅග්ගල ආර්එස්පී යූඑස්පී අයිජී ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව පැවති සුහඳ හමුවේදී ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය සහ මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම විසින් පසුගිය වසර තුළ දැක්වූ කැපවීම වෙනුවෙන් සිය කෘතඥතාවය පුදකළේය.

සුහද හමුව සමාප්තියේදී, ලෙබනනයේ 14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම රාජකාරීන් ඉටුකිරීමේදී ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපතිතුමන් දැක්වූ සහයෝගය වෙනුවෙන් කර්නල් ඩී.පී.එල්.ටී. කළුඅග්ගල ආර්එස්පී යූඑස්පී අයිජී විසින් තානාපතිතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.